Friday, January 16, 2015



නව වසරට නව හැඟුමන්...........

විටෙක තමා වටා මල් ගොන්නක් පුබුදුවා ගත් ගසක් යළි ඒ මල් මුකුලිත කොට බිම දමයි..... යළි අලුත් මල් පුබුදුවයි.... ජීවිතය ද එසේමය... වෙනස්වීම් සහිතය..... අලුත්වීම් සහිතය.... ලෝකය ඉදිරියට යන්නේ ද නිරන්තර සිදුවන වෙනස්වීම් සමගිනි...... ලෝකයේ ජීවත්වන සියල්ලෝම වෙනස්වීම අපේක්ෂා කරති....අදට වඩා හොඳ හෙටක් වෙනුවෙන් අලුත් ආරම්භයක් ප්‍රාර්ථනා කරති.....

මොහොතින් මොහොත, දිනෙන් දින, වසරින් වසර ගෙවී ගිය ජීවිතය දෙස මොහොතකට හැරී බලන්න.... අපගේ භෞතික ලෝකයේත්, ආධ්‍යාත්මික ලෝකයේත් ප්‍රගතිය කොතරම් ද....ඔබ ආරම්භ කළේ කොතැනින් ද..... අද ඉන්නේ කොතැන ද....... ඔබේ ජීවිතයටත් අලුත් ආරම්භයක් අවශ්‍ය ද..... වසන්තයේ  මල් පුරවා ගන්නා උද්‍යානයක් මෙන් ජීවිත උයනේ ඔබත් අලුත් බලාපොරොත්තු පැළ කරගන්න......අලුත් මල් පුබුදුවා ගන්න... ජීවිතය විඳගන්න.....

ජීවිතය නමැති භූමිය  සරු පො‍ළොවක් කළ හැක්කේ සෘජු බව, මෘදු බව, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, නිර්භීතභාවය, අවංකභාවය ආදී පෝෂකාංගයන් එකට මුසුකොට ජීර්ණය වන්නට ඉඩ හැරීමෙනි......

1. කිසිම තැනක ගිහින් එකපාර කතා කරන්න එපා.....
2. ආරාධනාවකින් තොරව තමනගේ අය ළඟට ඇරෙන්න වෙන අය ළඟට යන්න එපා.........
3. තැනකට යද්දි මුණගැසෙන කෙනා ඉන්නවද නැත්ද බලල යන්න.. නැත්නම් යන්න එපා....
4. හැමෝම ඉදිරිපට ඔබේ මුදල් පසුම්බිය අඳින්න එපා...
5. ඔබට අවශ්‍යදේට පමණක් ඔබේ දුරකතනය පාවිච්චි කරන්න...
6. කතාවක දී ඔබේ අවස්ථාව එනතුරු ඉවසන්න....
7. හැකි සෑම විටකම නොදන්නා අයව එයාලගෙ මුල් නමින් අමතන්න.....
8. ලස්සන සිංහලෙන් කතා කරන්න.... මට නම් ලෝකයේ ඇති ලස්සනම භාෂාව සිංහල භාෂාවයි..
9. කතා කරද්දි කෙළින් ඉන්න.. ජනාධිපති ළඟ වුනත් දෙකට නැවෙන්න එපා....
10. අමාරු අසීරු දුෂ්කර අවස්ථාවල පවා නිහඬව සන්සුන්ව ඒ දේ දරාගන්න... කේන්තිය, දුක, කළකිරීම පෙන්වන්න එපා...
11. පිරිසක් ඉදිරියේ කිසිවෙකුත් විවේචනය නොකරන්න.....
12. අමාරුම අවස්ථාවේ පවා සිනහවකින් සැරසෙන්න....
13. ඔබට ගෙවීමට හැකිනම් පමණක් තේ බීමට කතා කරන්න...
14. දක්ෂතම ක්‍රිකට් තාරකාව වුවත් ගෙදර මිදුලේ බෝල ගසන්නේ නැත.... අවශ්‍ය දේ අවශ්‍ය තැන දී පමණක් කරන්න...
15. කාටවත් වාතයක් වෙන්න එපා.. වැඩය ඉවර වූ විගස පිටවන්න.....
16. කිසිදින කිසිවෙකු ගෙන්  වෙලාව නොඅසන්න... ඔරලෝසුවක් පාවිච්චි කරන්න....
17. සන්සුන්, නිහඬ නමුත් වැදගත් කෙනෙක් වෙන්න..... මුදල් නෝට්ටුවලට මිස සිලි සිලි ගාන මාරු කාසිවලට කිසිවෙකුත් කැමති නැත.....

No comments:

Post a Comment