Friday, June 27, 2014
ජීවන ස්ටේෂම......
ජීවන ස්ටේෂම......
අතීතය සුරකින....
හිනා, කඳුලු, ආදරය
මිතු දම් සමඟ එදවස්
එක්කර ඇඹූ බිතු රූ
මට විතරක් පෙනෙන,
තාමත් පෙර ලෙසම
ඒ පෙදෙස සරසවන...............
Friday, June 13, 2014
රැක ගන්න ඔබ ඔබව...........
දයාබර නැගණිය,
සොහොයුරිය,
මිතුරිය,
නව ලොවක් බිහි කළ හැකි........
ඔබයි ලොව......
උතුම්ම වස්තුව.........
විෂමයි සමාජය.
කුරිරුයි මිනිසුන්...
රැක ගන්න ඔබ ඔබව........
ගැහැණියකගේ ගෞරවයයි...
ගැහැණිය සතු වටිනාම සම්පත.........
නොම දෙන්න එය......
කිසිවෙකුටත්......
ඔබේ සොඳුරු සිනහව........
ඔබේ සොඳුරු වචන.....
ඔබේ සොඳුරු වත.....
නොපෙන්වන්න......
ලොව කිසිවෙකුටත්........
රැක ගන්න ඔබ ඔබව........
ඔබේ ශක්තිය.......
ඔබේ අධිෂ්ඨානය......
ඔබේ පැතුම......
ඔබේ මග.....
සියල්ල ඔබ ළඟයි........
ඔබෙන් ගිලිහුණු ඒ වටිනාකම..........
නැවත දෙන්න ලොවට.........
රැක ගන්න ඔබ ඔබව........
වඩා යහපත් ලොවක් උදෙසා...................................
Tuesday, June 10, 2014
එකපාරක් හිනාවෙන්න.....
ජීවිතේ පුංචි පුංචි දේවල් වලින්
සතුටු වෙන්න ඉගෙන ගන්න,
එතකොට ඔයාට……..
වැස්සත් සතුටුයි, පෑවුවත් සතුටුයි,
හද දිහා බැලුවත් සතුටුයි,
බත් කටක් කෑවත් සතුටුයි.
අමාරුම දේ සතුටින් ඉන්න එක......
උත්සහ කරන්නත් ඕන ඒකටයි......
සතුටින් ඉන්න පුළුවන් දේවල් එකතු කරන්න......
සතුටින් හිත තියන්න පුළුවන් දේවල් හිතට දාන්න....
ඔයා සතුටින් නම් ඔයාගෙ හිතත් සතුටින්.....
තෙත රෙදි ඇදගෙන යන්න බෑ වගේ.....
කදුළින් තෙත් වු දෙනෙත් එක්ක.......
ජීවත් වෙන්නම බෑ.......
එකපාරක් හිනාවෙන්න.....
අඩ අඩා හරි හිනාවෙන්න......
එතකොට හිත හිනාවෙන්නම බලයි…….
Monday, June 9, 2014
බෝපතේ සුසුම......
මද පවනේ පා වෙමින් පැමිණි බෝපත.......
වැටුණේ පිළිමයක් පා මුල.........
ලේ, ඇට, මස්, නහර වලින් අඹා......
හදවත ගලින් නිමවා ඇති අපූරුව.......
දැනුණා බෝපතට.........
සුසුමක් පිටවුණා බෝපතින්........
පියමන් කිරීමට පිළිමය අසලින්........
නොමැති නිසා පවන.......................
Sunday, June 8, 2014
මදක් සිතන්න
ඔබ දෙව්ලොව යාමට ප්රාර්ථනා කරනවා විය හැක.......
මදක් සිතන්න.........................
මේ දිගු සංසාර ගමනේ
දෙව් සැපතද ඔබ විඳ තිබෙන්නට පුලුවන්..............
ඔබ දන්නවාද...........
ඔබ............
මගේ හදවතේ බැඳීමයි...........
ඔබ නොදැක සිටීමද දුකකි..........
ඔබේ ජීවිතය තුළ සිටින..........
අන් අය ගොඩට ඔබ මා දැමූ බව...........
ඔබ දන්නෙහිය..........
ඒ එසේ කලේ ඔබම නිසාය...........
නමුත් මා ඔවුන් මෙන් නොව..........
ඔබ දිනෙක එය තේරුම් ගනු ඇත..........
ඔබ මට බොහෝ සෙයින් රිදවූවේය............
ඔබ දකින වාරයක් පාසා..........
එය මට සිහිපත් වේ...............
නමුත්..........
මා එදා මෙන් අදත් ඔබ වෙනුවෙන්..........
ඔබේ ගමන වෙනුවෙන්............
පැතුම් පතන බව ඔබ දන්නවාද...........
කිසි දිනෙක ඔබේ සිතේ...........
ඇති නොවූ..........
සදාකල් මා සිතේ ඇති වූ..........
ඔබේත් මගේත්...............
හිතවත් කම වෙනුවෙනි..............
මා අසල රැදෙන්න...
පවසන්නට සිතැඟි...........
තවම මම සොයමි වචන........
කියන්නට දහසක් දේ ඇතත්.......
ඔබ ළඟ සිටින විට කියන්නට නොසිතෙයි.......
ජීවත් වනවා යනු..
සතුට යනු..
සිනහව යනු..
වටිනාකම යනු..
ඔබ මා ළඟ සිටින මොහොතයි...............
මට මා දැනෙන්නේ....
මට මා හැඟෙන්නේ....
ඔබ මා ළඟ සිටින විටයි............
ඔබ මා අසල නොමැති විට..
මට මා ද අහිමි වෙයි................
ඔබ යනු මට සියල්ලයි.........
බොහෝ කල් පෙරුමන් පුරා..
ලබා ගන්නා මොහොත...
ඇසිපිය හෙළන සැනින් අවසන් වෙයි...........
මා දිවිය සැමදා මෙසේ වේනම්..
එය අවසන් විය යුතුයි............
කවුරුන් වී හෝ ඔබ මා අසල රැදෙන්න...
ඔබ නැති ලොවක ජීවත් වනවාට වඩා.....
මිය යාම මගේ සතුටයි.................
මගේ අවසන් පැතුම ද එයයි.................................
තවම මම සොයමි වචන........
කියන්නට දහසක් දේ ඇතත්.......
ඔබ ළඟ සිටින විට කියන්නට නොසිතෙයි.......
ජීවත් වනවා යනු..
සතුට යනු..
සිනහව යනු..
වටිනාකම යනු..
ඔබ මා ළඟ සිටින මොහොතයි...............
මට මා දැනෙන්නේ....
මට මා හැඟෙන්නේ....
ඔබ මා ළඟ සිටින විටයි............
ඔබ මා අසල නොමැති විට..
මට මා ද අහිමි වෙයි................
ඔබ යනු මට සියල්ලයි.........
බොහෝ කල් පෙරුමන් පුරා..
ලබා ගන්නා මොහොත...
ඇසිපිය හෙළන සැනින් අවසන් වෙයි...........
මා දිවිය සැමදා මෙසේ වේනම්..
එය අවසන් විය යුතුයි............
කවුරුන් වී හෝ ඔබ මා අසල රැදෙන්න...
ඔබ නැති ලොවක ජීවත් වනවාට වඩා.....
මිය යාම මගේ සතුටයි.................
මගේ අවසන් පැතුම ද එයයි.................................
පුංචි සිත්තරාවිය මම.......
නෙත රැදුණු....
හඳ බැදුණු....
ළය පිරුණු....
දුහුල් සිහිනයකි ඔබ.......
නිල් අහස් වියන මත.....
ඔබව සිතුවම් කරන....
පුංචි සිත්තරාවිය මම.......
මිනිසුන්
මෙලොව හොඳ මිනිසුන් නැත
මෙලොව නරක මිනිසුන්ද නැත
මෙලොව සිටින්නෙ හොඳ හා නරක මුසු වූ මිනිසුන්ය
එබැවින් කිසිවෙකු හා තරහා නොවන්න..........
Subscribe to:
Posts (Atom)