Sunday, June 8, 2014

මා අසල රැදෙන්න...

පවසන්නට සිතැඟි...........
තවම මම සොයමි වචන........
කියන්නට දහසක් දේ ඇතත්.......
ඔබ ළඟ සිටින විට කියන්නට නොසිතෙයි.......
ජීවත් වනවා යනු..
සතුට යනු..
සිනහව යනු..
වටිනාකම යනු..
ඔබ මා ළඟ සිටින මොහොතයි...............
මට මා දැනෙන්නේ....
මට මා හැඟෙන්නේ....
ඔබ මා ළඟ සිටින විටයි............
ඔබ මා අසල නොමැති විට..
මට මා ද අහිමි වෙයි................
ඔබ යනු මට සියල්ලයි.........
බොහෝ කල් පෙරුමන් පුරා..
ලබා ගන්නා මොහොත...
ඇසිපිය හෙළන සැනින් අවසන් වෙයි...........
මා දිවිය සැමදා මෙසේ වේනම්..
එය අවසන් විය යුතුයි............
කවුරුන් වී හෝ ඔබ මා අසල රැදෙන්න...
ඔබ නැති ලොවක ජීවත් වනවාට වඩා.....
මිය යාම මගේ සතුටයි.................
මගේ අවසන් පැතුම ද එයයි.................................

No comments:

Post a Comment