Thursday, July 24, 2014

පහනයි පහන් සිළුවයි වාගෙයි ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ - Dia Aur Baathi - Swapna (2012)


උදාවන හිරු ඔබයි..... මා බැස යන සන්ධ්‍යාවයි ප්‍රියේ,
මාගේ සිහිනයන් හි සැරිසන්නට පියාපත් දුන්නේ ද ඔබයි...........  
පහනයි පහන් සිළුවයි වාගෙයි .....
ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ......


මා පියනඟනා විට එන්න මා හා.........  
පැහැයෙන් සරසන්න මා සන්තෝශයන්............. 
ඔබ දකිනා හීනයන් හරිම සුන්දරයි .........
ඒ සිහිනයන් මාගේද කරගන්නෙමි ........


ඔබ හදගැස්මක් නම් මා එහි ජීවයයි ප්‍රියේ..........
ඔබේ සිනහාවන් මා දෙතොලේ දිස්වයි ප්‍රියේ .............
පහනයි පහන් සිළුවයි වාගෙයි  ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ.....

ඔබ මා සමඟින් සිටිනා කල දැනෙයි මේ මුළු ලොවම මගේ කියා...... 
එක්ව පියනඟමු පොරොන්දුවන්නේ නම් මා හා..........  
අප දෙසෙට එන සියළු බාධා ඉවතලමු........ 
සැඩහිරු රැස් මැද සෙවණක් වන්නෙමි ඔබට.........
මෙවන් ආදරයක් මෙතුවක් මෙලොව පැවතී නැතිලෙසින්.............
 මා සිහිනයන්ට පියාපත් දුන්නේ ඔබයි.......... 
පහනයි පහන් සිළුවයි වාගෙයි  ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ...............

Wednesday, July 23, 2014

මගේ ඇස් දෙක ඔබම වේ මට..........
කුමට හිරු සදු පතන්නෙම් මම...
ඇවැසි නැත මට.......
ඔබේ වන්නට.......
ඔබ මා සතු නොවන කල.........
අහිමි වන්නට යමක් නැත මට....
කඳුළ හඳුනන්නෙම් හොඳින් මම.........
මගේ ඇස් දෙක ලගම නම් ඔබ............
හිතේ තැවරුණ දුකක් නැත මට........

වෙන්වී නොයයි මා ....
ජීවත්වන තුරු ලොවේ ........


සුවබර සැදෑවක 
සිප්හල කොනේ..........
සෙනෙහසින් බැදි
ඔබ මට හමුවු දිනේ...........
නොලද අවසරයකින් 
මා සිත බැදි සෙනේ............
වෙන්වි නොයයි මා ....
ජීවත්වන තුරු ලොවේ ......

Monday, July 7, 2014

ප්‍රේමය ගැන මිස..........


වීදුරුවක් මතට...........

සතුට වත්කරන්නා සේ...........


සෞම්‍ය සඳ කිරණ........... 


පොළෝතලය සිප ගන්නා සේ........


හදවත උතුරා ගලන ආදරය...........


මෙළොවට ගෙන ආවේ කවුරුන්ද.......


තවත් කල්පයකට මට...........


ප්‍රේමය ගැන මිස..........


වෙනත් කවියක් ලිවිය නොහැකි ය...........

Thursday, July 3, 2014

ප්‍රේමයේ අසීමිතය.........


සවන් මත පතිත වන......
ඔබෙ සොඳුරු වදන්.......
ගුලි කරන් හිත යට......
ඔබෙ සුසුම විඳ ගතිමි.......
සතුටකින් අසීමිත......
හිත පුරා නොදැක්කත් ඔබව..............