Wednesday, September 24, 2014



සිත මතින් ගලායන..........
සෙනෙහස් ඟං දිය ඔබ...........
වසාගත් ඔබේ සිත මත.........
නතර විය මගේ ජීවිතය........

ජීවිතය පිස හමා යන..........
ආත්මීය සිසිලස ඔබ..........
අවදි වූ ඔබේ හඬ මත..........
නතර විය මගේ ජීවිතය........

ඔබ ලැඟුම් ගත් මගේ සිත මත........
සතුට, දුක එකවර ලැබෙන..........
ඔබයි මගේ ජීවන හැඟුම...........
මියෙන තෙක් රිදුම් දෙන...........

   ( හද සංකල්පනා.....කලානි බණ්ඩාර )

Wednesday, September 17, 2014

සිතමි.......
ඔබ හමු වූ මොහොතවල්......
දහසක් ගැන.......
සොයමි එතුළින්........
ඔබේ නිහඬ බැල්මෙහි අරුත......



 ( හද සංකල්පනා.....කලානි බණ්ඩාර )

Thursday, July 24, 2014

පහනයි පහන් සිළුවයි වාගෙයි ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ - Dia Aur Baathi - Swapna (2012)


උදාවන හිරු ඔබයි..... මා බැස යන සන්ධ්‍යාවයි ප්‍රියේ,
මාගේ සිහිනයන් හි සැරිසන්නට පියාපත් දුන්නේ ද ඔබයි...........  
පහනයි පහන් සිළුවයි වාගෙයි .....
ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ......


මා පියනඟනා විට එන්න මා හා.........  
පැහැයෙන් සරසන්න මා සන්තෝශයන්............. 
ඔබ දකිනා හීනයන් හරිම සුන්දරයි .........
ඒ සිහිනයන් මාගේද කරගන්නෙමි ........


ඔබ හදගැස්මක් නම් මා එහි ජීවයයි ප්‍රියේ..........
ඔබේ සිනහාවන් මා දෙතොලේ දිස්වයි ප්‍රියේ .............
පහනයි පහන් සිළුවයි වාගෙයි  ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ.....

ඔබ මා සමඟින් සිටිනා කල දැනෙයි මේ මුළු ලොවම මගේ කියා...... 
එක්ව පියනඟමු පොරොන්දුවන්නේ නම් මා හා..........  
අප දෙසෙට එන සියළු බාධා ඉවතලමු........ 
සැඩහිරු රැස් මැද සෙවණක් වන්නෙමි ඔබට.........
මෙවන් ආදරයක් මෙතුවක් මෙලොව පැවතී නැතිලෙසින්.............
 මා සිහිනයන්ට පියාපත් දුන්නේ ඔබයි.......... 
පහනයි පහන් සිළුවයි වාගෙයි  ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ...............

Wednesday, July 23, 2014

මගේ ඇස් දෙක ඔබම වේ මට..........
කුමට හිරු සදු පතන්නෙම් මම...
ඇවැසි නැත මට.......
ඔබේ වන්නට.......
ඔබ මා සතු නොවන කල.........
අහිමි වන්නට යමක් නැත මට....
කඳුළ හඳුනන්නෙම් හොඳින් මම.........
මගේ ඇස් දෙක ලගම නම් ඔබ............
හිතේ තැවරුණ දුකක් නැත මට........

වෙන්වී නොයයි මා ....
ජීවත්වන තුරු ලොවේ ........


සුවබර සැදෑවක 
සිප්හල කොනේ..........
සෙනෙහසින් බැදි
ඔබ මට හමුවු දිනේ...........
නොලද අවසරයකින් 
මා සිත බැදි සෙනේ............
වෙන්වි නොයයි මා ....
ජීවත්වන තුරු ලොවේ ......

Monday, July 7, 2014

ප්‍රේමය ගැන මිස..........


වීදුරුවක් මතට...........

සතුට වත්කරන්නා සේ...........


සෞම්‍ය සඳ කිරණ........... 


පොළෝතලය සිප ගන්නා සේ........


හදවත උතුරා ගලන ආදරය...........


මෙළොවට ගෙන ආවේ කවුරුන්ද.......


තවත් කල්පයකට මට...........


ප්‍රේමය ගැන මිස..........


වෙනත් කවියක් ලිවිය නොහැකි ය...........

Thursday, July 3, 2014

ප්‍රේමයේ අසීමිතය.........


සවන් මත පතිත වන......
ඔබෙ සොඳුරු වදන්.......
ගුලි කරන් හිත යට......
ඔබෙ සුසුම විඳ ගතිමි.......
සතුටකින් අසීමිත......
හිත පුරා නොදැක්කත් ඔබව..............

Friday, June 27, 2014

ජීවන ස්ටේෂම......


ජීවන ස්ටේෂම......

අතීතය සුරකින....


හිනා, කඳුලු, ආදරය


මිතු දම් සමඟ එදවස්


එක්කර ඇඹූ බිතු රූ


මට විතරක් පෙනෙන,


තාමත් පෙර ලෙසම


ඒ පෙදෙස සරසවන...............

Friday, June 13, 2014

රැක ගන්න ඔබ ඔබව...........



දයාබර නැගණිය,

සොහොයුරිය,
මිතුරිය,
නව ලොවක් බිහි කළ හැකි........
ඔබයි ලොව......
උතුම්ම වස්තුව.........
විෂමයි සමාජය.
කුරිරුයි මිනිසුන්...
රැක ගන්න ඔබ ඔබව........
ගැහැණියකගේ ගෞරවයයි...
ගැහැණිය සතු වටිනාම සම්පත.........‍

නොම දෙන්න එය......
කිසිවෙකුටත්......
ඔබේ සොඳුරු සිනහව........
ඔබේ සොඳුරු වචන.....
ඔබේ සොඳුරු වත.....
නොපෙන්වන්න......
ලොව කිසිවෙකුටත්........
රැක ගන්න ඔබ ඔබව........‍‍
ඔබේ ශක්තිය.......
ඔබේ අධිෂ්ඨානය......
ඔබේ පැතුම......
ඔබේ මග.....
සියල්ල ඔබ ළඟයි........
ඔබෙන් ගිලිහුණු ඒ වටිනාකම..........
නැවත දෙන්න ලොවට.........
රැක ගන්න ඔබ ඔබව........‍‍
වඩා යහපත් ලොවක් උදෙසා...................................



Tuesday, June 10, 2014

එකපාරක් හිනාවෙන්න.....


ජීවිතේ පුංචි පුංචි දේවල් වලින්
සතුටු වෙන්න ඉගෙන ගන්න,
එතකොට ඔයාට……..
වැස්සත් සතුටුයි, පෑවුවත් සතුටුයි,
හද දිහා බැලුවත් සතුටුයි,
බත් කටක් කෑවත් සතුටුයි.
අමාරුම දේ සතුටින් ඉන්න එක......
උත්සහ කරන්නත් ඕන ඒකටයි......
සතුටින් ඉන්න පුළුවන් දේවල් එකතු කරන්න......
සතුටින් හිත තියන්න පුළුවන් දේවල් හිතට දාන්න....
ඔයා සතුටින් නම් ඔයාගෙ හිතත් සතුටින්.....
තෙත රෙදි ඇදගෙන යන්න බෑ වගේ.....
කදුළින් තෙත් වු දෙනෙත් එක්ක.......
ජීවත් වෙන්නම බෑ.......
එකපාරක් හිනාවෙන්න.....
අඩ අඩා හරි හිනාවෙන්න......
එතකොට හිත හිනාවෙන්නම බලයි…….

Monday, June 9, 2014

බෝපතේ සුසුම......


මද පවනේ පා වෙමින් පැමිණි බෝපත.......

වැටුණේ පිළිමයක් පා මුල.........


ලේ, ඇට, මස්, නහර වලින් අඹා......


හදවත ගලින් නිමවා ඇති අපූරුව.......


දැනුණා බෝපතට.........


සුසුමක් පිටවුණා බෝපතින්..
......


පියමන් කිරීමට පිළිමය අසලින්........

නොමැති නිසා පවන................................

Sunday, June 8, 2014

මම ලියමි........
ආයෙ ආයෙත් ලියමි.....
ඔබ වෙනුවෙන්........
ආදරය වෙනුවෙන්......
ජීවිතය වෙනුවෙන්.....
ලෝකය වෙනුවෙන්.....

මදක් සිතන්න


ඔබ දෙව්ලොව යාමට ප්‍රාර්ථනා කරනවා විය හැක.......

මදක් සිතන්න.........................

මේ දිගු සංසාර ගමනේ

දෙව් සැපතද ඔබ විඳ තිබෙන්නට පුලුවන්..............

ඔබ දන්නවාද...........


ඔබ............
මගේ හදවතේ බැඳීමයි...........
ඔබ නොදැක සිටීමද දුකකි..........
ඔබේ ජීවිතය තුළ සිටින..........
අන් අය ගොඩට ඔබ මා දැමූ බව...........
ඔබ දන්නෙහිය..........
ඒ එසේ කලේ ඔබම නිසාය...........
නමුත් මා ඔවුන් මෙන් නොව..........
ඔබ දිනෙක එය තේරුම් ගනු ඇත..........
ඔබ මට බොහෝ සෙයින් රිදවූවේය............
ඔබ දකින වාරයක් පාසා..........
එය මට සිහිපත් වේ...............
නමුත්..........
මා එදා මෙන් අදත් ඔබ වෙනුවෙන්..........
ඔබේ ගමන වෙනුවෙන්............
පැතුම් පතන බව ඔබ දන්නවාද...........

කිසි දිනෙක ඔබේ සිතේ...........
ඇති නොවූ..........
සදාකල් මා සිතේ ඇති වූ..........
ඔබේත් මගේත්...............
හිතවත් කම වෙනුවෙනි..............

මා අසල රැදෙන්න...

පවසන්නට සිතැඟි...........
තවම මම සොයමි වචන........
කියන්නට දහසක් දේ ඇතත්.......
ඔබ ළඟ සිටින විට කියන්නට නොසිතෙයි.......
ජීවත් වනවා යනු..
සතුට යනු..
සිනහව යනු..
වටිනාකම යනු..
ඔබ මා ළඟ සිටින මොහොතයි...............
මට මා දැනෙන්නේ....
මට මා හැඟෙන්නේ....
ඔබ මා ළඟ සිටින විටයි............
ඔබ මා අසල නොමැති විට..
මට මා ද අහිමි වෙයි................
ඔබ යනු මට සියල්ලයි.........
බොහෝ කල් පෙරුමන් පුරා..
ලබා ගන්නා මොහොත...
ඇසිපිය හෙළන සැනින් අවසන් වෙයි...........
මා දිවිය සැමදා මෙසේ වේනම්..
එය අවසන් විය යුතුයි............
කවුරුන් වී හෝ ඔබ මා අසල රැදෙන්න...
ඔබ නැති ලොවක ජීවත් වනවාට වඩා.....
මිය යාම මගේ සතුටයි.................
මගේ අවසන් පැතුම ද එයයි.................................

පුංචි සිත්තරාවිය මම.......


නෙත රැදුණු....

හඳ බැදුණු....


ළය පිරුණු....


දුහුල් සිහිනයකි ඔබ.......


නිල් අහස් වියන මත.....


ඔබව සිතුවම් කරන....


පුංචි සිත්තරාවිය මම.......

මිනිසුන්


මෙලොව හොඳ මිනිසුන් නැත

මෙලොව නරක මිනිසුන්ද නැත

මෙලොව සිටින්නෙ හොඳ හා නරක මුසු වූ මිනිසුන්ය

එබැවින් කිසිවෙකු හා තරහා නොවන්න..........

ඔබෙ මුනිවත



නිසල මොහොතක

සසල වූ දෙනයන

නිහඬ බැල්මක

දොඩමලු විය

තනිකම රජයන

ඔබෙ මුනිවත

රිදවයි මගෙ හදවත..........