ඔබට හොරෙන් ඔබෙ සිතට හොරෙන්.............
ඔබ ගැන සිතුවෙමි ලොවට හොරෙන්..............
ඔබ ළඟ දැවටී ඔබෙ නෙත පැටලී............
ජීවය ලදුවෙමි සඳුට හොරෙන්...........
උදෑසනින් නිති අහසට වඩිනා............
හිරු මෙන් එළියයි මගේ හිරූ............
සසර පුරුද්දට නැවතුණ දා සිත.........
ලැබුවෙමි ජීවය පෙරුම් පිරූ..........
අතීතයේ සැමරුම් පොදි බැඳගෙන....................
සමුගන්නට සිදුවන මතු දිනයක.....................
තුරුළු කරන් මියැදෙමි ඔබෙ සිතුවම............
පෙම් කිරුළ නොඉල්ලමි හිමි සඳුනේ........
No comments:
Post a Comment