Thursday, July 24, 2014

පහනයි පහන් සිළුවයි වාගෙයි ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ - Dia Aur Baathi - Swapna (2012)


උදාවන හිරු ඔබයි..... මා බැස යන සන්ධ්‍යාවයි ප්‍රියේ,
මාගේ සිහිනයන් හි සැරිසන්නට පියාපත් දුන්නේ ද ඔබයි...........  
පහනයි පහන් සිළුවයි වාගෙයි .....
ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ......


මා පියනඟනා විට එන්න මා හා.........  
පැහැයෙන් සරසන්න මා සන්තෝශයන්............. 
ඔබ දකිනා හීනයන් හරිම සුන්දරයි .........
ඒ සිහිනයන් මාගේද කරගන්නෙමි ........


ඔබ හදගැස්මක් නම් මා එහි ජීවයයි ප්‍රියේ..........
ඔබේ සිනහාවන් මා දෙතොලේ දිස්වයි ප්‍රියේ .............
පහනයි පහන් සිළුවයි වාගෙයි  ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ.....

ඔබ මා සමඟින් සිටිනා කල දැනෙයි මේ මුළු ලොවම මගේ කියා...... 
එක්ව පියනඟමු පොරොන්දුවන්නේ නම් මා හා..........  
අප දෙසෙට එන සියළු බාධා ඉවතලමු........ 
සැඩහිරු රැස් මැද සෙවණක් වන්නෙමි ඔබට.........
මෙවන් ආදරයක් මෙතුවක් මෙලොව පැවතී නැතිලෙසින්.............
 මා සිහිනයන්ට පියාපත් දුන්නේ ඔබයි.......... 
පහනයි පහන් සිළුවයි වාගෙයි  ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ...............

No comments:

Post a Comment