Sunday, February 8, 2015

මල් සිනාවකින් නෙත් සඟල පුරෝගෙන..........
මා වට නිති සැරිසරන නියා..........
සිත් මඩල පුරෝගෙන ආදරයෙන් මම.........
ඔබේ සිනාකැන් සුව වින්ඳා..........

ළඟට එන්න යැයි වදනින් කියන්න.......
අවසර නැති මුත් සිතට මෙදා.......
ඔබ නෑවිත් සිටි විට පාළුව රජයයි.........
අඳුරු වළාවට මුවාවෙලා........

ඔබට හැකි ද මා මඟහැර යන්නට..........
ඔබේ සිතේ දොරගුළු වහලා..........
ජීවිතයට එක මොහොතක් ලැබේ ද.........
සෙනෙහස කියන්න පද ගළපා..........
සෙනේ හැඟුමන් සිත උපන්නා..........
ජීවිතේ මට කියා දුන්නා...........
ආදරය යනු පිදීමක්මයි..........
පාරමිතාවට මඟක් සැදුණා...........

මියෙන තෙක් ඔබ ළඟම ඉන්නෙමි..........
සෙනෙහසින් ඔබ තෙමාලන්නෙමි.........
ඒ පැතුම හද නිතර රඳවා..........
ජීවිතේ ඔබ නමට ලිව්වා.............

වදන් අහුරක් මුවට නැඟුණා............
කියන්නට ඔබ ළඟට එන්නට............
සිය දහස්වර එසෙව්වත් පා ‍.............
මගේ සෙනෙහස ගොළුව උන්නා..........