Saturday, January 31, 2015

ඔබට හොරෙන් ඔබෙ සිතට හොරෙන්.............
ඔබ ගැන සිතුවෙමි ලොවට හොරෙන්..............
ඔබ ළඟ දැවටී ඔබෙ නෙත පැටලී............
ජීවය ලදුවෙමි සඳුට හොරෙන්...........

උදෑසනින් නිති අහසට වඩිනා............
හිරු මෙන් එළියයි මගේ හිරූ............
සසර පුරුද්දට නැවතුණ දා සිත.........
ලැබුවෙමි ජීවය පෙරුම් පිරූ..........

අතීතයේ සැමරුම් පොදි බැඳගෙන....................
සමුගන්නට සිදුවන මතු දිනයක.....................
තුරුළු කරන් මියැදෙමි ඔබෙ සිතුවම............
පෙම් කිරුළ නොඉල්ලමි හිමි සඳුනේ........


........ඔබ අබියස..........

බෝසත් ඔබ සිත ළඟ........
දැවටී උවැසියක විලසින..........
ඔබෙන් මා දුටු සහන් එළිවැට............
සිහිපත් කර දෙන්නට.........
මතකයන් කුමකට ද............

නිකෙලෙස් ඔබේ හදවත.........
මෙත් බර ගැඹුරු සිතුවිලි..........
යොමා හෙට දිනයට............
නුරාවෙන් තොර ජීවයෙන් පිරි .........
අපේ ප්‍රේමය ගැන............
හඳුනන්නෙක් වේද ලොව...........

කෙලෙස් දිය පිරි මනුසත් විල.........
ළඟින් විකසිත වූ සියපත් දෙකක..........
අලෞකික සුන්දර හමුව...........
ෆැන්ටසි ලෝකයෙන් නිලංකාරව ගිය..........
හදවත්වලට වැටහෙද.............

ජීවිතයේ අරුත වටහා දෙන..........
එකිනෙකාගෙන් සෙවණ වීගෙන...........
අරුත්බර සෙනෙහස.....අපරිමිත සිනහව...........
විශ්වයටම මුදන ඔබ අබියස.............
මාද අසරණය...........
මටත් හොරෙන් ජීවිතය මැදින්...........
ගලා ගියත් කාලය සැනෙකින්............
ඔබ ළඟට වෙලා උන් ඒ අතීතයේ..........
එක් තත්පරයක් හෝ මා සතු වේ නම්...........

ජීවිතය ගලා ගිය සොඳුරු දවස් මත..........
සිහිලැල් ගඟුලකි ඔබ මා නෙතු අතරේ...........
මෘදු සිනා මැදින් ජීවිතය පුබුදු වී...........
අරුතම විය ඔබ මගෙ සසරේ...............

ඒ අතීතයට මම යන හැම විටකම..........
අපේ මතක මැද සුව සහනේ..............
සෙනෙහස මේ යැයි සිතට දැනුණු දා...........
ඔබේ නමින් පුදසුන සැදුවේ................


පැතුම ඔබය .....
ජීවය ද ඔබය ......
හදවත සිලෝ ගී ගයත් දී ...
කිසිදා නිම නොවෙන ....
හැඟුමෙහි අරුම .......
දකින්න ඉඩ දෙන්න.....
මා සැමදා පෙම් කල....
ඔබේ නෙතට..............

Friday, January 16, 2015



සුපරිපූර්ණ ජීවිතයකට මාර්ගය........ ස්ටීව් ජොබ්ස්...........

01.  ඔබ ආදරය කරන දේ කරන්න.
02.  ආරම්භකයකු / මුල පුරන්නෙකු ලෙස සිතන්න.
03.  පරාජයට කිසි විටෙකත් බිය නොවන්න.
04.  සාමාන්‍ය දින චර්යාවෙන් වෙනස් වන්න.
05.  ඔබ ගැන විශ්වාස කරන්න.
06.  නොනැවත ක්‍රියා කරන්න.
07.  ආපසු දෙන්න.
08.  අරමුණ සමඟ ජීවත් වන්න.

ඇල්බට් අයින්ස්ටයින්ගේ සාර්ථකත්ව පාඩම්..........

01.  ඔබේ මනස විවෘතව තබා ගන්න......
02.  කුහුලින් ඉන්න......
03. වැරදි අපේක්ෂා කරන්න........
04.  ආකල්ප වෙනස් කර ජීවිතය වෙනස් කරන්න.......
05.  මේ මොහොතේ ජීවත් වන්න.......
06.  වටිනාකම නිර්මාණය කරන්න........
07.  තොරතුරු නොව අතිදැකීම් ලබන්න........
08.  කළ හැකි උපරිම හොඳ කරන්න......
09.  අවදානම ගන්න.......
10.  වඩාත් ඇවැසි දෙයම අරමුණ කර ගන්න......

ලින්කන්ගෙන් ජීවිතයට පාඩම්.........

01.  සාර්ථකත්වය සඳහා සූදානම් වීම......
02.  අප්‍රමාදව කටයුතු කිරීම..........
03.  මතක තබා ගන්න - ශ්‍රේෂ්ඨත්වයට පත් විය හැක.......
04.  හොඳ පිළිගැනීමක්, කීර්තියක් ඇති වටිනා අයෙකු බවට පත් වන්න........

මලක් පිපෙතැයි සිතන තැන ඇති කටුව ගලවා, එතැන මලක් සිටවූවෙකු ලෙස, මා සමු ගන්නා දිනයක මා ගැන සඳහන් කරන්නේ නම්, මම අතිශය ප්‍රමෝදයට පත් වෙමි......



නව වසරට නව හැඟුමන්...........

විටෙක තමා වටා මල් ගොන්නක් පුබුදුවා ගත් ගසක් යළි ඒ මල් මුකුලිත කොට බිම දමයි..... යළි අලුත් මල් පුබුදුවයි.... ජීවිතය ද එසේමය... වෙනස්වීම් සහිතය..... අලුත්වීම් සහිතය.... ලෝකය ඉදිරියට යන්නේ ද නිරන්තර සිදුවන වෙනස්වීම් සමගිනි...... ලෝකයේ ජීවත්වන සියල්ලෝම වෙනස්වීම අපේක්ෂා කරති....අදට වඩා හොඳ හෙටක් වෙනුවෙන් අලුත් ආරම්භයක් ප්‍රාර්ථනා කරති.....

මොහොතින් මොහොත, දිනෙන් දින, වසරින් වසර ගෙවී ගිය ජීවිතය දෙස මොහොතකට හැරී බලන්න.... අපගේ භෞතික ලෝකයේත්, ආධ්‍යාත්මික ලෝකයේත් ප්‍රගතිය කොතරම් ද....ඔබ ආරම්භ කළේ කොතැනින් ද..... අද ඉන්නේ කොතැන ද....... ඔබේ ජීවිතයටත් අලුත් ආරම්භයක් අවශ්‍ය ද..... වසන්තයේ  මල් පුරවා ගන්නා උද්‍යානයක් මෙන් ජීවිත උයනේ ඔබත් අලුත් බලාපොරොත්තු පැළ කරගන්න......අලුත් මල් පුබුදුවා ගන්න... ජීවිතය විඳගන්න.....

ජීවිතය නමැති භූමිය  සරු පො‍ළොවක් කළ හැක්කේ සෘජු බව, මෘදු බව, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, නිර්භීතභාවය, අවංකභාවය ආදී පෝෂකාංගයන් එකට මුසුකොට ජීර්ණය වන්නට ඉඩ හැරීමෙනි......

1. කිසිම තැනක ගිහින් එකපාර කතා කරන්න එපා.....
2. ආරාධනාවකින් තොරව තමනගේ අය ළඟට ඇරෙන්න වෙන අය ළඟට යන්න එපා.........
3. තැනකට යද්දි මුණගැසෙන කෙනා ඉන්නවද නැත්ද බලල යන්න.. නැත්නම් යන්න එපා....
4. හැමෝම ඉදිරිපට ඔබේ මුදල් පසුම්බිය අඳින්න එපා...
5. ඔබට අවශ්‍යදේට පමණක් ඔබේ දුරකතනය පාවිච්චි කරන්න...
6. කතාවක දී ඔබේ අවස්ථාව එනතුරු ඉවසන්න....
7. හැකි සෑම විටකම නොදන්නා අයව එයාලගෙ මුල් නමින් අමතන්න.....
8. ලස්සන සිංහලෙන් කතා කරන්න.... මට නම් ලෝකයේ ඇති ලස්සනම භාෂාව සිංහල භාෂාවයි..
9. කතා කරද්දි කෙළින් ඉන්න.. ජනාධිපති ළඟ වුනත් දෙකට නැවෙන්න එපා....
10. අමාරු අසීරු දුෂ්කර අවස්ථාවල පවා නිහඬව සන්සුන්ව ඒ දේ දරාගන්න... කේන්තිය, දුක, කළකිරීම පෙන්වන්න එපා...
11. පිරිසක් ඉදිරියේ කිසිවෙකුත් විවේචනය නොකරන්න.....
12. අමාරුම අවස්ථාවේ පවා සිනහවකින් සැරසෙන්න....
13. ඔබට ගෙවීමට හැකිනම් පමණක් තේ බීමට කතා කරන්න...
14. දක්ෂතම ක්‍රිකට් තාරකාව වුවත් ගෙදර මිදුලේ බෝල ගසන්නේ නැත.... අවශ්‍ය දේ අවශ්‍ය තැන දී පමණක් කරන්න...
15. කාටවත් වාතයක් වෙන්න එපා.. වැඩය ඉවර වූ විගස පිටවන්න.....
16. කිසිදින කිසිවෙකු ගෙන්  වෙලාව නොඅසන්න... ඔරලෝසුවක් පාවිච්චි කරන්න....
17. සන්සුන්, නිහඬ නමුත් වැදගත් කෙනෙක් වෙන්න..... මුදල් නෝට්ටුවලට මිස සිලි සිලි ගාන මාරු කාසිවලට කිසිවෙකුත් කැමති නැත.....